සාර්ථක මිනිසකු වීමට හොඳ අධ්‍යාපනයක් ලැබිය යුතුය. අධ්‍යාපනය ලබන කාලසීමාව තුළදී ශිෂ්‍යයන් වශයෙන් අපි විභාග ගණනාවකට මුහුණ දෙයි. ඒ අතරින් අ.පො.ස. (උ/පෙළ) යනු තීරණාත්මක විභාගයකි. මෙම විභාගයට මුහුණ දෙන බොහෝ දෙනාගේ අපේකෂාව වනුයේ එය හොඳින් සමත්වී සරසවියට පිවිසීමයි. එහෙත් එසේ දහසකුත් බලාපොරොත්තු සහිතව උසස්පෙළ හදාරණ සිසුන්ගෙන් බොහෝමයකට සරසවියට පිවිසීම කෙසේ වෙතත් විභාගය සමත් වීමටවත් නොහැකි වෙයි.
එයට හේතුව වනනේ නිසි පරිදි අධ්‍යාපනය නොහැදැරීමයි. එමෙන්ම ඔවුන් පාසලෙන්, ගුරුවරුන්ගෙන්, දෙමව්පියන්ගෙන් අධ්‍යාපන ජීවිතයට ලබාගත යුතු නිවැරදි දේ ලබා නොගනී. ඔවුන්ට අධ්‍යාපන කටයුතු කළයුතු ආකාරය පාඩම් කිරීමේ ක්‍රම ශිල්ප, පාඩම් කිරීමේදී මතුවන ගැටලූ හා ඒවා විසඳාගත හැකි ආකාරයල අධ්‍යාපනයට උපකාර ලබාගත හැකි දේවල් මෙන්ම අධ්‍යාපනයෙන් ඈත් කළ යුතු දේවල් පිළිබඳව අවබෝධයක් නැත. තවද විභාගය ආසන්න වනවිට කටයුතු කළයුතු ආකාරය මෙන්ම විභාගයට සාර්ථකව මුහුණදිය යුතු ආකාරය පිළිබඳව අවබෝධයක් නැත.
මා මෙම කෘතිය තුළින් ඉහත දුර්වලතාවයන් ජයගත හැකි ආකාරය විග්‍රහ කර ඇත.තවද උසස් පෙළ හා සාමාන්‍ය පෙළ හැදෑරීමෙන් අනතුරුව කළ යුතු දේ පිළිබඳව කරුණු දක්වා ඇත. එමෙන්ම මෙම කෘතිය උසස්පෙළ පමණක් නොව තරඟ විභාග වලට අධ්‍යාපනය ලබන සියලූ දෙනාට උපකාරී වන අත්පොතක් ලෙස රචනා කර ඇත
රූ සිරි යොවුන් ගුණ
නැණ සියල්ලෙන් නො අඩු වී මුත්
නොදතොත් සිල්ප සත
සුවඳ නැති කැල මල් සමවේ
- ලෝකෝපකාර
දිලාන් ද සිල්වා
2003-10-25

No comments:
Post a Comment