Friday 30 March 2012

13. පාඩම් කිරීමේ ක්‍රමශිල්ප


1-ගැලිම් සටහන්
අපට පාඩම් කිරීමට අවශ්‍ය කරුණු එකිනෙකට ඈඳා ගැලිව් සටහන් මගින් නිරූපණය කිරීමෙන් හොඳ මතකයක් ඇති කරගත හැකිය. මෙහිදී ශිෂ්‍යයා අදාල කරුණුවලට අදාලව සකසා ගත් ගැලිම් සටහන හොඳින් ධාරණයකරගත් විට අවශ්‍ය අවස්ථාවලදී ගැලිම් සටහන සිතේ මවාගත හැකිය. එහෙයින් අපට එහි ඇති කරුණු පහසුවෙන් සිහියට නගාගත හැකිය.
අ.පො.ස.(උ/පෙළ) භෞතික විද්‍යාවේ පාඩමක් වන කර්මාන්ත රසායනයේ ඇති Na2 CO3 අදාල ගැලිම් සටහනක් ඉදිරිපත් කර ඇත.


2- චිත්තරූප මැවීම

මෙහි ආදේශ කිරීම ලෙස හඳුන්වා දී ඇත්තේ අපට පාඩම් කිරීමට ඇති කරුණු අපට හුරු පුරුදු හොඳින් දන්නා යමකට ආදේශ කර මතක තබාගැනීම හෝ මතක තබාගැනීමට අවශ්‍ය කරුණු එකිනෙකට සම්බන්ධතා දක්වන යම්දේකට ආදේශ කර මතක තබාගත හැකිය.

මේ සඳහා පහත උදාහරණ සලකා බලන්න. මෙහි පසු ආදේශනය චිත්තරූප ලෙස මතකයේ
ගබඩා කල හැකිය.
Na2Co3 හි ප්‍රයෝජන

1. වීදුරු නිෂ්පාදනය
2. ජලයේ කඨිනත්වය ඉවත් කිරීමට
3. කාච පලය ලෙස (Na2siO3)
4. සබන් නිෂ්පාදනයට
ඉහත කරුණු 4 පහත පරිදි ආදේශ කල හැකිය.

Na2Co3 ලේබලය ඇලවූ වීදුරුවක සබන් දියකර ඇති අතර එහි පතුලේ සබන් කුඩු අවක්ශේස වී ඇති අතර එහි කාචයක්ද ඇත.


* වීදුරුවක - වීදුරු නිෂ්පාදනයට

* සබන් කුඩු අවක්ශේප වී ඇත - සබන් නිෂ්පාදනයට
                                              කඨිනත්වය ඉවත් කිරීමට
* කාචයක් - කාච ඵලය නිපදවීමට
* සබන් දිය නොවන්නේ (අවක්ෂේප වන්නේ) කඨින ජලයේය.



3- උකහා ගැනීම් මගින්
අපට මතක තබාගත යුතු කරුණු වල අකුරු හෝ කොටස් උකහා ගෙන එයින් අපට මතක තබාගැනීමට පහසු වාක්‍ය කාණ්ඩයක් නිර්මාණය කල හැකිය. එම වාක්‍යය කණ්ඩය සිහිපත් කලවිට ඊට අදාල කරුණු (එය තුල ගැබ්වී ඇත.) ඉබේම සිහිපත් වෙයි.
උදාහරණයක් ලෙස අප දිසා 8 මතක තබාගැනීමට භාවිතා කරන උපක්‍රමය සලකා බලමු.



4 රසවත් ලෙස කරුණු ගොනු කිරීම.
මෙහිදී අපට මතක තබාගැනීමට අවශ්‍ය කරුණු අප කැමති ආකාරයට ගීතයක්, කවියක් ලෙස නිර්මාණය කල හැකිය. පහත උදාහරණය සලකා බලන්න.
මල නොබැදෙන වානේ වල අඩංගු මූලද්‍රව්‍යය වන්නේ
1. ෆොසේ
2 ක්‍රෝමියම්
3 නිකල්
4 කාබන්



මෙය මතක තබාගැනීමට පහත ක්‍රියාවලිය යෙදිය හැකිය. මෙහිදී මා ජනප්‍රිය හින්දි ගීතයක කොටසක් වන "මෙරා නාම් රකදියා" හි රිද්මයට අනුව පහත වාක්‍ය කාණ්ඩය තනා ඇත. ඔබට එය ඉහත රිද්මයට අනුව ගැයීමෙන් හොඳින් ධාරණය කරගත හැකිය.



මෙරා නාම් කෙදියා : ෆොරා ක්‍රේම් නිකාබයා


ෆෙරා - ෆෙරස්
ක්‍රෝම් - ක්‍රෝමියම්
නි - නිකල්
කාබ - කාබන්
මෙය උකහා ගැනීමේ ක්‍රමයට අනුරූප ක්‍රමයකි.






5 කෙටි සටහන්
මෙහිදී සිදුකරන්නේ අප ඉගෙනගත් කරුණු කෙටි කර සටහන්කිරීමයි. මෙසේ කෙටි කල යුත්තේ එම කෙටි කරුණු ඊට අදාල සියලූම කරුණු නියෝජනය වන ලෙසයි. මෙහිදී සමහරු කෙටි සටහන් :ීයදරඑ භදඑැි- ලෙස සම්පුර්ණ සටහනම කුඩා අකුරුවලින් ලියයි. එය නිශ්ඵල කි්‍රයාවකි. කෙටි සටහනක් යනු සවිස්තර සටහනක වැදගත් දේ අන්තර්ගත වන පරිදි ලියන සංක‍ෂිප්තයකි. එය දකින විට ඔබට ඊට අදාළ සියළු කරුණු
මතක් විය යුතුය. අපට කෙටි සටහන් පිළියෙල කරන විට කරුණු වශයෙන් ඉදිරිපත් කල හැකිය. එම කරුණු එකිනෙකින් වෙන් කිරීමට විවිධ සංකේත භාවිතා කල හැකිය.
උදාහරණ : * ▄ ▼ ●

කරුණු සඳහන් කිරීමේදී එකකට පහලින් එකක් ලියනවිට දෙවන කරුණ පළමු කරුණ පිහිටි මට්ටමින් මදක් ඉදිරියට හෝ ආපස්සට ගෙන යාම තුලින් සිත් ඇදගන්නා තත්වයට පත්කල හැකිය.



* මිනිස් අවශ්‍යතා සීමාව :20 - 20,000- H2 වෙයි.
       ** බල්ලගේ ශ්‍රව්‍ය සීමාව ඊට වඩා පුළුල්ය.




6- කොටස්වලට වෙන්කර පාඩම් කිරීම

විශාල කොටසක් මතකයේ තබාගැනීමට සිදුවී ඇතිවිට එය කුඩා කොටස්වලට කඩා මතක තබාගැනීම උචිත වෙයි. උදාහරණ ලෙස ආවර්තිතා වගුව මතකයේ රඳවා ගැනීම ගත හැකිය.
I A IIA IIIA IVA VA VIA VIIA VIIIA ඛණ්ඩ ලෙස පහලටද, D ගොනුවේ ඛණ්ඩ දෙක තිරස්ව තීරු දෙකක් ලෙසද වෙනමද මතකයේ රඳවන ලදී.
                                                                 ජායාරුපය:මෙතනින්




7- විවේකයේ තබා පාඩම් කිරීම
පාඩම් කිරීමට ඇති කරුණු (විශේෂ කරුණු) කොටස් වලට වෙන්කර එම කොටස් විවේකයන් තබා වරින් වර පාඩම් කිරීම උචිත වෙයි. එවිට තෙහෙට්ටුව අඩුවන අතරම ඒකාකාරී නොවීම නිසා පාඩම් කිරීමට දක්වන උනන්දුවද වැඩිවෙයි. එමෙන්ම අවස්ථා කිහිපයකදී ඉගෙනීම කරන නිසා අමතක වන ප්‍රමාණය අඩුවෙයි. එමෙන්ම වරින් වර සිහිපත් නොකිරීම නිසා අමතක වීම සිදුවන අතර ඉහත ක්‍රමයට පාඩම් කිරීමෙන් එසේ අමතක වීම අවම වෙයි.


8- මනාව සංවිධානය කර අනු කොටස් වලට ඛෙදා පාඩම් කිරීම.
පාඩම් කිරීමට පෙර පාඩම් කිරීමට ඇති කරුණු මනාව සංවිධානය කර මතකයට ඇතුලත් කිරීමට පහසු වන ලෙස වගුගත කිරීම, විවිධ සංකේත යොදා භාවිතයෙන් අනුකොටස් වලට ඛෙදා සකස් කල යුතුය. මෙය කෙටි සටහන් සෑදීමහි මුලික කි්‍රයාවක් ලෙස සැලකිය හැකිය.


9- පාඩම් කරන විට ඊට අදාල වෙනත් කරුණු සකසා ගැනීම.
උදාහරණයක් ලෙස සල්ෆියුරික් අම්ල නිෂ්පාදනය සම්බන්ධව පාඩම් කරනවිට එහි ප්‍රයෝජන, අතුරුඵල, අතුරුඵලවල ප්‍රයෝජන මෙන්ම එයින් වන පරිසර දූෂණය වැනි සල්ෆියුරික් වලට සම්බන්ධතා පවත්නා සියලූම කරුණු පිළිබඳ පාඩම් කිරීම කල යුතුය.




10) PQ4R
P - Pre View
Q - Question
R - Re fect
R - Recite
R - Read
R - Review



P - Preview (පෙර දැක්ම)
පාඩම පෙරලා බලා මාතෘකා, අනුමාතෘකා පිළිබඳ වැටහීමක් ලබාගත යුතුය. එමගින් මුළු පාඩමේම අන්තර්ගතය පිළිබඳ වැටහීමක් ලබාගත හැකිය. එවිට මතක තබාගැනීමේ හැකියාව වැඩිවේ.

R - Read (කියවීම්)
මෙහිදී ඡේදය මනා ලෙස අවධානයෙන් යුතුව කියවිය යුතුය.

Q - Question (ප්‍රශ්න නැගීම)
ඡේදය කියවන අතරම එම ඡේදයට අදාලව නැගිය හැකි ප්‍රශ්න සටහන් කරගත යුතුය.

R - Reflect (ප්‍රත්‍යපේක‍ෂණය)


කියවන ලද දෙය නැවත සිහිපත් කිරීම සිදුකල යුතුය. අමතක වූ කරුණු ඡේදය බලා නැවත මතකයට ඇතුළු කල යුතුය. මෙහිදී කලින් ොගඩනැගූ ප්‍රශ්න දෙස බලා ඒවාට පිළිතුරුද ස්මරණය කල යුතුය.

R - Recite (සජ්ජායනය)
සජ්ජායනය හෙවත් නැවත කියවිය යුත්තේ කිසියම් කොටසක් කියවා නිම කිරීමෙන් පසුවයි. එහිදීද සටහන් කරගත් ප්‍රශ්න වලට පිළිතුරු සෙවිය යුතුය.

R - Review (සමාලෝචනය)
මෙහිදී අලූත් පරිච්ඡේදය කියවා අවසන් වූ පසු නැවත එම පරිච්ඡේදයේ කියවූ දේ සිහිකිරීම සිදුකල යුතුය. එමෙන්ම,
1. ප්‍රශ්න පත්‍රයෙහි රටාව හඳුනාගන්න. එමෙන්ම ඔබට මුහුණ දීමට සිදුවූ ප්‍රශ්න පත්‍ර විභාගය (රචනා, බහුවරන) අනුව පාඩම් කරන්න.
2. ආදර්ශ ප්‍රශ්න පත්‍ර, පසුගිය ප්‍රශ්න පත්‍ර ලියා හුරුවන්න. විශේෂයෙන්ම රචනා ප්‍රශ්න ලියා හුරුවීම වැදගත් වෙයි. එමෙන්ම බහුවර්ණ ප්‍රශ්නවල එක ප්‍රශ්නයකට පිළිතුරු 5 ක් පමණ ඇති නිසා සමහරවිට එකම ආකාරයේ පිළිතුරු 2 ක් තිබිය හැකි. බොහෝ බහුවර්ණ ප්‍රශ්න කර ඊට හුරුවීම අවශ්‍ය වෙයි.
3. හැකිනම් ලකුණු සමග අධ්‍යනය කර ලකුණු ලැඛෙන ආකාරය, සිතේ තබාගෙන ප්‍රශ්න සඳහා පිළිතුරු ලිවිය යුතුය. මෙම ලකුණු නොලැඛෙන කරුණු (පේලිය) නොලියා ලකුණු ලැඛෙන කරුණු පමණක් සටහන් කල යුතුය. එවිට කාලය ඉතිරි වෙයි. මෙය ගණිතයේදී විශේෂයෙන් වැදගත් බව සිහි තබාගත යුතුය.

4. පාඩම් කිරීමට පෙර ඊට අදාල පූර්ව කරුණු සිහිපත් කරන්න.
5. විභාගයට ලැබේ යැයි අනුමාන කරන පාඩම් පිළිබඳ වැඩි අවධානය යොමු කරන්න. ඒවා හොඳින් මතකයේ ඇද්දැයි යන්නත් අවශ්‍ය විට සිහිපත් කලහැකිද යන්නත් විටින් විට පරීක‍ෂා කර බලන්න.
6. එමෙන්ම විභාගයට වැදගත් වන එහෙත් අපහසු ප්‍රශ්න කෙරෙහි විශේෂ අවධානය යොමු කරන්න. ඒවායේ අපහසු තැන් හැකි ඉක්මනින් දැනුවත් කෙනෙකු ලවා නිරවුල් කරගන්න.
7. නිතර අමතක වන කොටස් නිතර නිතර මතක් කරන්න. ඒවා නිතර පෙනෙන තැනක එල්ලා තැබීමෙන් එම කරුණු පහසුවෙන් ඉටුකල හැකිය.
8. පොතේ ඇති දේම කට පාඩම් නොකර තමන්ගේ වචන වලින් එය මතකයට ඇතුලූ කරගන්න.
9. විටින් විට යහළුවන් සමග සාකච්ඡාවෙන් මතකය උරගා බලන්න. එමෙන්ම ඔබ දකින දේ නොදකින යහළුවන්ට කියා දෙන්න.





 "ඕනෑම දෙයක් කිරීමට ඇති ක්‍රම අතරින් හොඳම ක්‍රමය තෝරා ගන්න."
-දිලාන් ද සිල්වා-






No comments:

Post a Comment