Friday 30 March 2012

16. ස්මරණය



ස්මරණ ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් තුනකින් යුක්ත වෙයි
1. ආකේත කිරීම.
2. ගබඩා කිරීම.
3. සිහි කැඳවීම


ආකේත කිරීම
ඔබ ඉගෙන ගත් විෂය කරුණු මනසට ඇතුළු කරගැනීමට පෙර මනසට උරා ගතහැකි පරිදි සංකේතවත් කරගැනීම ආරක්ෂා කිරීමයි. උදාහරණයක් ලෙස ඔබ කෝස්ටික් සෝඩා නිපදවීම පිළිබඳව සටහන් පොත මගින් ඉගෙනීමේදී එහි ඇති ප්‍රාචීර කෝෂය ආලෝක තරංග මගින් අපහරණ මනසට ඇතුලත් කරගනී. කෝස්ටික් සෝඩා වල ප්‍රයෝජන පිළිබඳව සටහන් පොත මගින් ඉගෙනීමේදී ඉහත පරිදිම හෝ එය සිතින් කියවීමෙන් මනසට ඇතුලත් කරගනී. ඔබ එය ගුරුවරයා උගන්වන විටදී ගුරුවරයා ඉගැන්වූ කරුණු මනසට ශබ්ද තරංග
මගින් කන හරහා ඇතුලත් කරගනී. තවද මෙසේ කරුණු මනසට ඇතුලත් කිරීමට පෙර සංකේතවත් කිරීමක් සිදුවේ. මනසට කරුණු ඇතුළු වීමට පෙර සංකේතවත් කිරීමට හුදෙක් අනුරූප ක්‍රියාවලියක් පරිගණක යන්ත්‍රයේද කි්‍රයාත්මක වේ. එනම් අපි පරිගණකයට ලබාදෙන තොරතුරු පරිගණකය එයට තේරුම් ගත හැකි ආකාරයට සංකේතවත් කරයි. පරිගණකය සිය මතකයේ ගබඩා කරන්නේ එම සංකේතවත් කල දත්තය. අප ඉංග්‍රිසි භාෂාවෙන් හෝ වෙනත් භාෂාවකින් පරිගණකයට යතුරු පුවරුව හරහා ලබාදුන් දත්ත දෙකේ පාදයේ

සංඛ්‍යා (Binory Digits) බවට පරිවර්තනය කරයි. පරිගණකය මතකයේ ගබඩා වන්නේ මෙම දෙකේ පාදයේ සංඛ්‍යා වලින් සංකේතවත් වුණු දත්තයන්ය. උදාහරණ ලෙස අප පරිගණක යන්ත්‍ර පුවරුව මගින් "A" ලබා දුන් විට පරිගණකය එය "101011101" ලෙස සංකේතවත් කරයි.

ගබඩා කිරීම හා සිහි කැඳවීම


විභාගයකදී ඔබට පහත ප්‍රශ්න දෙක ලැබී ඇතැයි සිතන්න.
1 කෝස්ටික් සෝඩා නිපදවීම අදාල ප්‍රාචීර කෝෂය අඳින්න.
2. කෝස්ටික් සෝඩා වල ප්‍රයෝජන දෙන්න.


ඔබ මේ ප්‍රශ්න දෙක දුටු විගස මීට පෙර ඔබ මතකයට ඇතුලත් කල ඉහත ප්‍රශ්න දෙකට අදාල පිලිතුරු සිහියට නගා ගනී. මෙය සිහි කැඳවීමේ අවස්ථාවයි. එමෙන්ම ඔබ ඉහත  කරුණු මනසට ඇතුලත් කල දිනයේ සිට සිහියට නගාගැනීම දක්වා මතකයේ ගබඩා කරගෙන ඇත. එය ගබඩා කිරීමේ අවස්ථාවයි. ඔබට විභාගයේදී ඉහත ප්‍රශ්න දෙක සඳහා පිලිතුරු මතකයට ආවේ නැතිනම් එනම් ඉගෙන ගත් කරුණු අමතක වී ඇත්නම් ආකේත කිරීම, ගබඩා කිරීම, සිහි කැඳවීම යන අවස්ථා තුනෙන් යම් අවස්ථා දුබලත්වයක් සිදුවී ඇත.
                                                         ජායාරුපය:මෙතනින්


ස්මරණයේද අවස්ථා
1. ඉන්ද්‍රීය ස්මරණය
2. කෙටි කාලීන ස්මරණය
3. දිගුකාලීන ස්මරණය

ඉන්ද්‍රීය ස්මරණය
කිසියම් තොරතුරක් අපගේ ඉන්ද්‍රියන්ට ගොදුරු වූ විට එය ඉතා කෙටිකාලීනව මොහොතකට දරා සිටීම ඉන්ද්‍රීය ස්මරණයයි. මෙහිදී තොරතුරු කෙරෙහි අපගේ අවධානයක් යොමු නොවේ. උදාහරණයක් ලෙස ගුරුවරයා පංතියේ උගන්වන විට ශිෂ්‍යයාගේ අවධානය වෙනතකට යොමුවීමටගුරුවරයා උගන්වන දේ කණ ඔස්සේ මෙහෙයවී ක‍ෂණිකව එය වියැකී යයි.

කෙටිකාලීන ස්මරණය
කිසියම් තොරතුරක් අපගේ ඉන්ද්‍රියන්ට ගොදුරු වූ විට අපගේ අවධානය එයට යොමුවූ විට එය කෙටිකාලීන ස්මරණය ලෙස හා දිගුකාලීන ලෙස සැලකිය හැකිය. සාමාන්‍යයෙන් කෙටිකාලීන මතකය 05-20 අතර කාලයක් දරා සිටියි. මෙහිදී සංවේදනය මත සියල්ලට කෙටි කාලීන ස්මරණයට ඇතුලූ නොවන අතර ඇතුලූ වන්නේ අවධානයට ලක්වූ කරුණු පමණි.
එහෙයින් කෙටිකාලීන ස්මරණ ගැටළු වලට මූලිකම හේතුව අවධානය නොලැබී යාමයි. උදාහරණ ලෙස පංතියේ ගුරුවරයා යම්කිසි කරුණක් උගන්වා ක්ෂණිකව එම කරුණ කුමක්දැයි ශිෂ්‍යාගෙන් ප්‍රශ්න කලවිට ඔහුට එයට නිවැරදි පිලිතුර දිය නොහැක්කේ ගුරුවරයා උගන්වන දෙයට නිසි අවධානය ලබානොදීම නිසායි. මෙම කෙටිකාලීන ස්මරණය පරිගණකය තාවකාලික මතකය (RAM) සමාන කල හැක.

දිගුකාලීන ස්මරණය
මෙම දිගුකාලීන මතකය ස්වල්ප මොහොතකට පෙර මතකයට ඇතුලූ වූ කරුණුවල සිට මුළු ජීවිතකාලය පුරාම ව්‍යාප්ත වන මතකය දක්වා දීර්ඝ වේ. දිගුකාලීන මතකයේ දුබලතාවයට ප්‍රධාන හේතුව වන්නේ තොරතුරු කරා අවශ්‍ය වේලාවට ලඟාවීමට ඇති නොහැකියාවයි. මතක ගබඩාවේ ධාරිතාව ඉතා පහල වීම අපට අවශ්‍ය තොරතුරු අවශ්‍ය වේලාවට ස්මරණය නොවීමට ප්‍රධාන හේතුවයි. විභාගයේදී අසන ලද ප්‍රශ්නයකට පිලිතුරු විභාග කාලයේදී මතකයට නංවා ගත නොහැකි වීමත්, විභාග ශාලාවෙන් පිටතට පැමිණිමත් සමග පිලිතුර මතක්වීම මෙම සිහිකැඳවීමේ දුබලතාවයට හොඳ උදාහරණයකි. අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් වශයෙන් අපට වඩා වැදගත් මතකය වන මෙම දිගුකාලීන ස්මරණයෙහි ප්‍රධානම දුර්වලතා මත ’සිහිකැඳවීමේ දුර්වලතාවය~~ හැකිතරම් අවම තුලින් වඩා සාර්ථක විභාග ප්‍රතිඵලයන් කරා ලඟාවිය හැකිය.



ඔබට අන් අය කිරීමට රුචි දෙය ඔබ අන් අයට කරන්න.


-දිලාන් ද සිල්වා-

No comments:

Post a Comment