Friday 30 March 2012

18. විභාගය බාහිර ක්‍රියාකාරකම් හා ප්‍රේමය


විෂය සමගාමි බාහිර ක්‍රියාකරකම් වල නිරතවීම ඔබට මනා පෞරුෂයක් ගොඩ නඟා ගැනීමට හේතු වෙයි. එහෙත් බාහිර ක්‍රියාකරකම් සඳහාද සැලකිය යුතු කාලයක් වැයකිරීමට සිදුවන නිසා එය විභාග ප්‍රතිඵලයට සෘණාත්මක බලපෑමක් ද එල්ල කළහැකිය.බොහෝ දෙනෙකුගේ ජීවිතයට වැඩි බලපෑමක් එල්ල කරන්නේ විභාග ප්‍රතිඵලය මිස බාහිර ක්‍රියාකරකම් වලින් ලබාගන්නා වූ ප්‍රතිඵලය නොවේ. එහෙයින් විභාගයට මුල්තැන දී කටයුතු කළ යුතුය. විභාගය ආසන්න වන විට බාහිර ක්‍රියාකරකම් හැකි තරම් දුරට අවම කළ යුතුය. විභාගය ඉහළින් සමත්වී ඉහළ තත්ත්වයේ රැකියාවක් ලබා අනාගතයේ ලබන තෘප්තිය ගැන සිතා වර්තමාන කාලය අධ්‍යාපනයට කැප කරන්න.

පාසැල් ප්‍රේමය

උප්පත්තියේ සිට මරණය දක්වාම අප ප්‍රේම කරමු. තම මවට ප්‍රේම අප පසුව පියා, නෑදෑයන්ට ආදරය කරයි. එයින් ඔබ්බට යද්දී ඔහු විවිධ වූ ජීවි අජීවී දේ සඳහා ආදරය කරයි. එමෙන්ම අප මෙම ආදරය නිසාම පිඩාවටද පත්වේ. බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ප්‍රේමතී ජායතී ශෝකෝ ප්‍රේමතී ජායතී භයං ලෙසද දේශනා කළේ මෙයයි. අසල් වැසියාට මෙන්ම සතුරටන්ටද ප්‍රේම කරන ලෙස ක්‍රිස්තුස් වහන්සේ දේශනා කළේ ප්‍රේමයේ ඇති වටිනාකම හා ඉන් ජීවිතයට අත්වන ප්‍රයෝජනය සඳහා විය යුතුය.

අප ජීවිතයේදී විවිධාකාර ලෙස ජීවි අජීවි දෙයට කරන්නා වූ ප්‍රේමයන් අතර ආන්දෝලනාත්මක ප්‍රේමය නම් පාසල් ප්‍රේමයයි. සමහරක් පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් මෙය අනුමත කළත් වැඩිහිටියන්ගේ මතය එය අනවශ්‍ය දෙයක් බවයි. පාසල් ශිෂ්‍යයන් සමහරක් මිනී මරුවන් බවට පත්කරමින්ද තවත් පිරිසකගේ ජීවිත අඳුරු කිරීමට ද මෙය හේතු වේ. පාසල් කාලය තුළ ප්‍රේම සම්බන්ධතාවලට යොමු වූ විට සිතට ස්වභාවික සංසිද්ධියකි. එහෙත් එම කාලය තුළ ප්‍රේම සම්බන්ධතාවලට යොමු වූ විට බොහෝ වැඩිහිටියෝ දකින්නේ බරපතල වරදක් ලෙසය.

 ඔවුන් සමහරක් එසේ දකින්නේ ඔවුන්ගේ පාසල් කාලය අමතක කිරීමෙනි. සමහර විට දෙමාපියන් එම කාලය වන විට විවාහ දිවියට ඇතුළත් වී සිටියාද විය හැකිය. පාසල් වියේ ප්‍රේම සම්බන්ධාවලට යොමු වීම වරක් නොවූවද සමහර ශිෂ්‍ය ශිෂ්‍යාවන් එම සම්බන්ධතා පවත්වාගෙන යන ආකාරය නිසා බොහෝ දෙනා මෙම සම්බන්ධතා හෙළා දැකීමට හුරුවී ඇත. එමෙන්ම බොහෝ දෙමාපියන්ගේ අදහස වී ඇත්තේ පාසල් කාලය තුළ කළ යුතු එකම දෙය වන්නේ හොඳින් ඉගෙන ගෙන විභාග සමත්වීම පමණි. ඉගෙනුම ලබන සියල්ලන්ගේම මූලික අරමුණ විය යුත්තේ හොඳින් ඉගෙනීමය. නමුත් එයට බාධාවක් නොවන ලෙසට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගන්නේ නම් එහි වරදක් නැති බව කිව හැකිය. එහෙත් බොහෝ දෙනා ඉගෙනුම ලබන අතරම ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන දෙකම කඩාකප්පල් කර ගනී.

එමෙන්ම එසේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගනී නම් එය අධ්‍යාපන ජීවිතයේ යහපත් වර්ධනයකට හේතුවන ලෙස යොදා ගත යුතුය. පෙම්වතිය සමග විෂය කරුණු සාකච්ඡා කිරීම, බාහිර පොත්පත් හුවමාරු කරගෙන ඒවා පරිශීලනය කිරීම ඊට හොඳ ක්‍රමවේදයක් ලෙස දැක්විය හැකිය. එමෙන්ම සමාජය පාසල් ප්‍රේම සම්බන්ධතා ලෙස වපර ඇසින් බැලීමට පුරුදුවී ඇත්තේ ඒවායේ නිරත වෙන්නන් බොහෝ විට අධ්‍යාපන අතින් අසාර්ථක වීම මෙන්ම ඔවුන්ගේ අවනීත හැසිරීම් නිසාය. එහෙත් පන්ති මගහරවා ගනිමින් අයාලේ යන සමහරක් අය තම පාසල් පෙම්වතිය නිසා යහමඟට වැටී අඳුරෙන් එළියට පැමිණ ඇති බවද අප අමතක නොකළ යුතුය.

එහෙත් තමාගේ අනාගත තත්වය ගැන නොදැන තමන්ට ගැළපෙන අනාගත තත්වය ගැන නොදැන තමන්ට ගැළපෙන සහකරුවෙකු හෝ සහකාරියක් පාසැල් කාලයේදී තීරණය කිරීම අනුචිත ක්‍රියාවකි. උදාහරණයක් ලෙස පාසැල් කාලයේ ප්‍රේමයට මුල පිරු දෙදෙනෙකුගෙන් එක් අයෙක් අනාගතයේ ඉංජිනේරුවරයෙකු ද අනෙක් පාර්ශවය ඊට පහළ මට්ටමක රැකියාවකටද යොමු වුවහොත් ඔවුන් දෙදෙනාගේ ගැලපීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙයි.

No comments:

Post a Comment