Friday 30 March 2012

19. ගැටලූ හා විසඳුම්


උසස් පෙළ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්ට විවිධාරයේ ගැටලූ මතුවේ. ඒවා විසඳාගෙන ඉදිරියට යා යුතුය. නැතහොත් එම ගැටලූ ඔබේ අධ්‍යාපනයට අහිතකර ලෙස බලපෑ හැකිය.

මූල්‍යමය ගැටලූ
නිවැසියන් අඩු ආදායම් සහිති වූවන් වූ විට ඔවුන්ට සිය දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යෙදවිය හැකි මුදල් ප්‍රමාණයද අවම වෙයි. එවිට ඔවුන්ට සිය පොත්පත් මිලදී ගැනීම වැනි අධ්‍යාපන කටයුතුවලට මුදල් හිඟකම නිසා මානසිකව පීඩාවට පත්වෙයි. පාසලේ ගුරුවරුන් විසින් විවිධ හේතූන් නිසා පාසැලට මුදල් ගෙන යනලෙස පවසයි. මෙම කටයුතු සඳහා නිවසින් මුදල් නොලැබුණු විට පාසල් යාම ප්‍රතික්ෂේප කරන ළමුන්ද අප සමාජයේ සිටී.
පංතියේදී මුදල් රැගෙන නොආ සිසුන් පිළිබඳව සොයා බලන නිසා එහිද අනෙක් සිසුන් ඉදිරියේ අපහසුතාවයට ලක්වීමට ඇති අකමැත්ත නිසා පාසල් යෑමට අකමැතිවීමට හේතුවයි. එහෙයින් මෙහිදී ගුරුවරුන් ද අදාල ශිෂ්‍යයන්ගේ පවුල් පසුබිම තේරුම් ගෙන ඔවුන් අපහසුතාවයට පත්නොවන අයුරින් කටයුතු කිරීම උච්ත වෙයි. එමෙන්ම අදාල මුදල් ගෙවීම අපහසු නම් ඒ පිළිබඳව ගුරුවරුන්ට දැන්වීම තුලින් යම් සහනයක් ලබාගත හැකි වනු ඇත. එමෙන්ම විෂය සමගාමී පොත්පත් මිලදී ගැනීමට සිදුවන අවස්ථාද වෙයි. හැකිතරම් දුරට පුස්තකාල පරිහරණයෙන් එම පොත් ලබාගෙන ඒ සඳහා වැයවන මුදලද ඉතිරි කර ගත හැකිය. දෙමාපියන් ඔබට දෙන සෑම රුපියලක්ම ඉගෙනීමට ගන්නා මහන්සිය ගැන සිතා එම මුදල් අරපිරිමැස්මට පරිහරණය කල යුතුය. පෞද්ගලික උපකාරක පංති වලට යනවිට ආහාර වේල් නිවසින් රැගෙන යාම තුලින් ආහාර සඳහා වෙළඳසැල් වෙත පූජා කරන විශාල මුදලක් ඔබට ඉතිරිකර ගත හැකි වනු ඇත. උසස් අධ්‍යාපනය හැදෑරීමේදී ආර්ථීක දුෂ්කරතා ඇති  සිසුන්ට මුදල්මය අතින් උපකාර කරන ශිෂ්‍යත්ව පදනම් ද අද කි්‍රයාත්මක වේ. එවන් ශිෂ්‍යත්ව
පදනම් කිහිපයක් පිළිබඳව මෙහි උපලේඛණය 1 හි දක්වා ඇත. එවන් ශිෂ්‍යත්වයක් ලබාගැනීම තුලින් ඔබේ මූල්‍යමය ගැටලූවලට මද සහනයක් හෝ ලැඛෙනු ඇතැයි සිතිය හැකිය.

මානසික ගැටලූ

පාඩම් කරන ශිෂ්‍යයන් තුල විවිධ වූ මානසික ගැටලූ ඇතිවේ. ඒ සඳහා ඉක්මනින් පිළියම් යෙදීම අත්‍යවශ්‍ය වන අතර නැතහොත් එය අධ්‍යාපනයට අහිතකර ලෙස බලපෑ හැකිය. කෙතරම් පාඩම් කලත් මතක නොහිටීම, හිත එකඟකර ගැනීමේ අපහසුතා වැනි විවිධාකාරවූ හේතු නිසා අධ්‍යාපනය අඩාල විය හැකිය. එහෙයින් තමන්ට මතු වූ මානසික ගැටලූ පිළිබඳව දැන උගත් අයෙකු ලවා උපදෙස් ලබාගැනීමෙන් එම ගැටලූ වලින් මිදිය යුතුය. මේ සඳහා ගුරුවරු, පූජ්‍ය පක‍ෂය, මනෝ වෛද්‍යවරු, මනෝ චිකිත්සකවරු සුදුසු බව
කිව හැකිය.

සමහර ශිෂ්‍යයන් පාසල් ව්යේදීම මත්ද්‍රව්‍ය, මත්පැන්, දුම්වැටි භාවිතයට යොමුවී ඇති බව කණගාටුවෙන් වුවද පැවසිය යුතුය. ටියුෂන් පංති ගොස් විවේකයේදී අවන්හල් තුලටවී සිගරට් බොන අය නම් කොතෙක්ද?
එහෙයින් එසේ දුර්ක්‍රියා සඳහා ඇබ්බැහිවී සිටින වුනු ඉන් මිදීමට අදිටන් කල යුතුය. එසේ මත්ද්‍රව්‍ය මත්පැන් සඳහා ඇබ්බැහි වී සිටින අයට එයින් මිදීමට අපහසු නම් ඒ සඳහා උපකාරි කිරීමටද විවිධ සංවිධාන පවතී. ඒවායින් සමහරක් පිළිබඳව මෙහි අවසානයට උපලේඛන 4 යටතේ දක්වා ඇත. එමෙන්ම ඔබට ඒ සඳහා ගුරුවරු, දෙමාපියන් මගින්ද  උපදෙස් ලබාගත හැකිය.

මෙසේ  දුර්ක්‍රියා  සඳහා යොමුවීම නිසා එය අධ්‍යාපනයට පමණක් නොව අනාගත ජීවිතයටද අහිතකර ලෙස බලපායි. මධ්‍යසාර, මත්ද්‍රව්‍ය, මගින් ස්මරණ ශක්තිය හීන කරන නිසා මධ්‍යසාර භාවිතය අධ්‍යාපනයට පමණක් නොව තමන්ගේ අනාගත ජීවිතයට අහිතරක ලෙස බලපායි. මධ්‍යසාර, මත්ද්‍රව්‍ය මගින් ස්මරණ ශක්තිය හීන කරන නිසා මධ්‍යසාර පානය අධ්‍යාපනයට ඍණාත්මකව බලපාන බව කිව යුතුය.







No comments:

Post a Comment