Friday 30 March 2012

07. මිතුරන් - ඔබ


අප ආශ්‍රය කරන මිතුරන් අපගේ අභිවෘද්ධියට මෙන්ම පරිහානියටද හේතුවිය හැකිය. එය රඳා පවතින්නේ මිතුරන්ල මිත්‍ර ප්‍රතරූපකයන් හෝ කල්‍යාණ මිත්‍රයන් වීම මතයි. විභාගය ඉලක්ක කර අධ්‍යාපනය හදාරන ඔබට ඒ සඳහා කල්‍යාණ මිතුරන්ගෙන් ලැඛෙන උපකාරය ඉමහත්ය. ගැටළු සහගත තැන් මිතුරන් හා සාකච්ඡා කර විසඳා ගත හැකිය. ඔබ දන්න දේ මිතුරන්ට කියා දීම තුළින් ඔබගේ දැනුම වැඩි දියුණු වෙයි. මිතුරන් සතු පොත් පත් පරිශීලනය තුළින් දැනුම වර්ධනය කර ගත හැකිය. එසේ ඔබද මිතුරන්ගේ පොත් ඔබේ ජීවිතය ධනාත්මකව වර්ධනය කිරීමට උපකාර ලබාගත යුතුය.

                                                          ජායාරුපය: මෙතනින්

මිත්‍ර ප්‍රතිරූපකයන් ඔබ සමඟ සිටිනම් ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යතුය. ඔවුන් ඔබව නොමඟට යොමු කිරීමට උත්සාහ ගනී. ටියුෂන් ගොස් චිත්‍රපට බැලීමට, මත්පැන් සාද පැවැත්වීමට, දුම්වැටි සමඟ කාලය ගත කිරීමට ඔබව පොලඹවා නතර නොවනු ඇත. ඔබ මත්ද්‍රව්‍ය කරාද යොමුකරවීමට ඉඩ ඇත.සෑම විටම එවැනි අපාය සහයකයන්ගෙන් ඈත්වී කල්‍යාණ මිත්‍රයන් කරා යන්න. ජීවිතයට හොඳ මිතුරකු ලංකර ගන්න. ඔහුට ඔබේ සියල්ල පවසන්න. ඔහු ඔබට සැම විටම උපකාරී වේවි.

විභාගය ළංවන විට එසේ විනෝදයට මිතුරගේ ගෙවල් වල යාම වැනි කාලය වැය වන ක්‍රියාවලින් වැළකෙන්න. ඔවුන් ඔබව සොයා පැමිණෙන කාලය නාස්තිකරයි නම් එයින් මිදීමට උපක්‍රමශීලී වන්න. ඔබ කල්‍යාණ මිතුයෙකු වශයෙන් ඉගෙනීමට ලැඳි නැති නොමගට බර මිතුරන්ව යහමගට ගැනීමට උත්සාහ කරන්න.


පිය නඟන්න හරි පාරේ
කලණ මිතුරු වෙයි උපකාරේ


-දිලාන් ද සිල්වා-

No comments:

Post a Comment