Friday 30 March 2012

07.a. අපේ කාලයේ කථාවක්…… ( අස්වනු නෙළාගෙන ආ පුත්‍රයා)

                                          අස්වනු නෙළාගෙන ආ පුත්‍රයා


මා කාර්යාලයට එන විට උදේ නවය ද පසුවී තිබුණෙන් ගත ද, සිතද කලබලයට පත්ව තිබිණ. කාර්යාලයට ඇතුළු වන තැන ම මේසයේ රාජකාරියේ නිරත ව සිටි චිත්‍රක්කා ගේ දෑස කඳුළින් පිරී තිබිණ. ඇගෙන් ඒ ගැන විමසීඹට සිත් වූව ද ඊට පෙර රතු ඉරට කලින් අත්සන් කළ යුතු විය. මම වහා පොත අත්සන් කළෙමි.

චිත්‍රක්කගෙ පුතා උසස් පෙළ ඉහළින්ම පාස් වෙලෟ චිත්‍රක්කට හරි සතුටුයි. ඉංජිනේරු පැකල්ටියටලූ තේරිලා තියෙන්නේ, හිතවතියක් සුබ ආරංචියක් ගෙනාවාය. මසිත ද සතුටින් පිරිණි.

මම චිත්‍රක්කා වෙත හැරුණෙමි.චිත්‍ර අක්කේ මගෙ සුභ පැතුම්!!.

වියැළෙමින් පැවති ඇයගේ නෙතු යළි පොඟනු මම දිටිමි. ඒ සතුටු කඳුළු ය.
" පුතාට උගන්නන්ඩ මං හුඟක් මහන්සි ගත්ත මල්ලී. හුඟක් දුක් වින්දා, ඒ මහන්සියෙ ප්‍රතිඵල මගෙ කොල්ල අද මට අරන් දීල තියනව."

ඇගේ සතුටු වදන් පිට වූයේ පැටළෙමිනි.ඇගේ වචන මසිතට අලූත් කල්පනාවක් එක් කළේය. පොදුවේ හැම මාපියකු ම පාහේ සිය දරුවන්ට උගන්වන්නට දරුන්නේ ලොකු මහන්සියකි. දුකකි, ඇපකැපවීමකි. ඒ සියල්ල පෙරළා සතුටක් කොට මාපියනට ගෙනැවිත් දෙන්නේ ටික දෙනෙකි.

ඒ අතින් චිත්‍රක්කාගේ පුත්‍රයා හැම දරුවකුටම උතුම් ආදර්ශයක් දී තිබේ.

1 - සිළුමිණ - නෙළුම්විල - විශේෂාංගය - 2001 නොවැම්බර් 18

No comments:

Post a Comment