Friday 30 March 2012

08. අධ්‍යාපනය - තාක්ෂණය


තාක්ෂණය අතින් ඉහළ දියුණුවක් ලබා සිටින වර්තමාන සමාජයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන්වද තාක‍ෂණය සිය අධ්‍යාපනයට යොදා ගැනීමේ පහසුව ලැබී තිබේ. එය උපරිම අයුරින් යොදාගත යුතුය. කැසට් රෙකෝඩරයක රූපවාහිනිය, පරිගණකය අධ්‍යාපනයේ උන්නතිය උදෙසා භාවිතා කළ හැකි ප්‍රධාන තාක‍ෂණික මෙවලම්ය.

එමෙන්ම මේවා අධ්‍යාපනයේ උන්නතියට මෙන්ම පසුබැස්මට ද හේතු විය හැකි බැවින් ඒ පිළිබඳව ද පරිස්සම් විය යුතුය. කැසට් රෙකෝඩරය පංතියේ දේශන, කෙටි සටහන් පටිගත කර පසුව ග්‍රවණය කිරීමට යොදාගත හැකිය. නින්දට යෑමට පෙර ඇඳේ හාන්සි වී සිටින කාලයේදී, බස් රියේදී මෙම පටිගත කළ දේට සවන්දීම තුළින් ලබාගත හැකි පිටුවහල ඉමහත්ය. මෙසේ කැසට් රෙකෝඩරය මගින් පටිගත කරන කැසට් පට වලට කෙටි සටහන් යනාදිය පටිගත කිරිමේදී ප්‍රශ්න ආකාරයෙන් පටිගත කර ඊට අදාල පිළිතුරුද පටිගත
කළයුතු අතර ප්‍රශ්නය හා පිළිතුර අතර කෙටි විරාමයක් තැබිය යුතුය. එවිට ඔබට එම කාල පමාව අතරතුරදී ප්‍රශ්නයට අදාල ප්‍රශ්නය ස්මරණය කළ හැකිය. එසේ නොහැකි වුවහොත් ඊට අදාල පිළිතුර පසුව ශ්‍රවණය වෙයි.

මෙසේ පටිගත කළ කැසට් පටවල ඒවායේ අන්තර්ගතය පිළිබඳ සටහන් කර ඒවා කිසියම් ස්ථානයක පිළිවෙලට රඳවා තැබීම කිරීමෙන් අවශ්‍ය අවස්ථාවලදී ආයෝජනයට ගත හැකිය. මෙසේ කැසට් පටවල පටිගත ඒවා ක‍ෘ වලට පිටපත් කිරීම මගින් ඒවා වැඩිකලක් හොඳ තත්වයෙන් තබාගත හැකිය. එවිට පරිගණක ආධාරයෙන් එය ශ්‍රවණය කළ හැකිය.

එමෙන්ම ඒ ඒ විෂයන් සඳහා සකස් කෙරුණ මෘදුකාංග ද ඇත. එමෙන්ම විවිධ අධ්‍යාපන කෘතිද ඇත. ඒවා පරිහරණය කිරීම තුලින් දැනුම මෙන්ම ඉගෙනීමට ඇති උනන්දුවද වැඩිවෙයි. රූපවාහිනියේ යන "අධ්‍යාපනික සේවය" මගින් ද දැනුම ලබාගත යුතුය. එමෙන්ම වැදගත් රූපවාහිනී වැඩසටහන් තුලින් ශිෂ්‍යාගේ සාමාන්‍ය දැනීම ඉහළ තලයට නංවාලිය හැකිය. එමෙන්ම පාඩම් කර වෙහෙසට පත් වී සිටින අවස්ථාවකදී රූපවාහිනි වැඩසටහනක් නැරඹීම, පරිගණකය සමග මද වේලාවක් වැඩකිරීම, ගීතයක් ඇසීම මගින් ඒකාකාරීව පාඩම්
කිරීම නිසා ඇතිවූ වෙහෙස / ආතතිය තුනී වී යයි.
                                                          ජායාරුපය:මෙතනින්

එහෙත් මෙසේ පාඩම් කරන අතර තුර ඒකාකාරී බවෙන් මිදීමට යැයි කියා එකදිගට රූපවාහිනිය බැලීම යොමු වීම උචිත නොවේ. ඒ සඳහා සුළු වේලාවක් යොදාගත යුතුය. මෙහිදී සමහර වැඩසටහන් කෙරෙහි ප්‍රේක‍ෂකයා ඇද තබාගන්නා නිසා බොහෝ වේලාවක් එය බැලීමට සිත් දෙයි. එහෙයින් සුව පහසුව රූපවාහිනිය බැලීමට වඩා හිටගෙන එය බැලීම තුළින් රූපවාහිනිය බලනකාලය අඩු කරගත හැකිය.

කිසිවක් සුදු හෝ කලූ නොවේ. එය සුදුද කලූද යන්න තීරණය වන්නේ එය යොදාගන්නා දේ අනුවය."


-දිලාන් ද සිල්වා-


No comments:

Post a Comment