Friday 30 March 2012

20.a. අපේ කාලයේ කථාවක්…… (මගේ කථාව)

මගේ කථාව......

මා 1998 වසරේ සා/පෙළ විභාගයේදී ඉංග්‍රිසි භාෂාව සඳහා ලබාගත්තේ සාමාන්‍ය සාමාර්ථයකි. තවද ඉන් අනතුරුව පිට පිටම වසර තුනක් සාමාන්‍ය පෙළ ඉංග්‍රිසි විෂයට ඉදිරිපත්වී ලබාගත්තේ සාමාන්‍ය සාමාර්ථයන්ය. අනතුරුව 2002 දී සම්මාන සාමාර්ථයක් ලබාගන්නා ලදි. මා පිට පිටම වසර හතරක් ඉංග්‍රිසි විෂයක් සාමාන්‍ය සාමාර්ථ ලබාගැනීමට හේතුව නම් මා විභාගයට ඉදිරිපත් වූයේ ඥාතියෙකුගේ බල කිරීම නිසාත් මා හට එම විෂය
කෙරෙහි කිසිඳු ආශාවක් නොතිබුණු නිසාත්ය. එහෙත් අවසානයේ මා එය උනන්දුවෙන් හාදාරා විභාගයට ඉදිරිපත් වූ විට සම්මාන සාමාර්ථයක් ලබාගත හැකි විය.

මා 2001 වසරේ අ.පො.ස. (උසස් පෙළ) ට ඉදිරිපත් වී ලබාගත් සාමාර්ථයන් වූයේ සම්මාන සාමාර්ථයක් හා සාමාන්‍ය සාමාර්ථ දෙකකි. අනතුරුව මා දෙවන වර අධි සම්මාන සාමාර්ථයක් හා සම්මාන සාමාර්ථ දෙකක් ලබා ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා උපාධිය සඳහා සුදුසුකම් ලැබීය(3 වන අවස්ථාව). එහෙත් එය මාගේ සිතේ තිබුණු බලාපොරොත්තු වලට නොගැලපෙන නිසා නැවත වරක් විභාගයට ඉදිරිපත් වී A එකයි. B දෙකක ප්‍රතිඵලයක් ලබා මොරටුව විශ්ව විද්‍යාලයේ ප්‍රමාණ සමීක‍ෂණ උපාධි පාඨමාලාව හැදෑරීමට සුදුසුකම් ලැබීය.

උසස් පෙළ ප්‍රතිඵලවලට අමතර ප්‍රමාණ සමීක‍ෂණ උපාධි පාඨමාලාවට ඇතුළත්වීමට තවත් එක් අධ්‍යාපනික සුදුසුකම් අවශ්‍ය වෙයි. එනම් සාමාන්‍ය පෙළ  ඉංග්‍රිසි  විෂය සඳහා ක‍ සාමාර්ථයක් ලබා තිබීමයි. 2003 වසරේ උසස් පෙළ ප්‍රතිඵලය ද 2002 වසරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයද මගින් මා මාගේ අනාගතය පැහැදිලි මාර්ගයකට යොමු කරවන ලදි.

යම් හෙයකින් මා සා/පෙළ  ඉංග්‍රිසි  විෂයට නැවත ඉදිරිපත් නොවූයේ නම්?
උසස් පෙළ විභාගයට නැවත ඉදිරිපත් නොවූයේ නම් ?



" උත්සාහය වනාහි සමෘද්ධිමත් ජීවිතයකට මග හෙලි කරන්නෙකි."


-දිලාන් ද සිල්වා-

No comments:

Post a Comment