Friday 1 April 2011

03. ටියුෂන් යා යුතුද ?



බොහෝ දෙනෙකු ටියුෂන්යන්නේ පාසැල් ආරම්භ වීමටත් පෙර සිටයි. ටියුෂන් යා යුත්තේ පාසලෙන් ඉගෙනිමේ කටයුතු හරිහැටි නොකෙරෙන්නේ නම් පමණි. එහෙත් බොහෝ දෙනා ටියුෂන් යන්නේ පාසලේ උගන්වන ගුරුවරු කවුදැයි පවා නොදැනය. ඔවුන් ටියුෂන් යන්නේ අනෙක් අය යන නිසාය. (රැල්ලට) පලමු මස විභාගයට පෙනී සිටින බොහෝ දෙනා ටියුෂන් වලින් ගන්නා ප්‍රයෝජනය අල්පය. මෙවැනි අය ටියුෂන් යාමට ගොස් යන්නේ වෙන ගමන්ය. නමුත් මොවුන් අනිවාර්යයෙන්ම මාසේ මුලදී මුදල් ගෙවා කාඩ්පත නම් ගනිති.
ටියුෂන් ගුරුවරයා උගන්වද්දී නිදාගැනීම, හිස් බස් දෙඩීම මොවුන්ගේ කි්‍රයා පිළිවෙතයි. නියමිත නිබන්ධන සම්පූර්ණ කිරීම නොකරන නමුත් නිබන්ධන එකතු කර තබා ගනී.
එහෙයින් ඔබ ටියුෂන් යයි නම් ඔබේ අරමුණ විය යුත්තේ එයින් උපරිම ප්‍රයෝජනය ලබාගැනීමයි. එයට පහත කරුණු අවධාරණය කරමි.

1. නොකඩවා පංතිවලට සහභාගි වන්න.
2. නිබන්ධන සම්පූර්ණ කරන්න.
3 ඊට අදාල බාහිර පොත් පත් පරිශීලනය කරන්න.
4 ගුරු - සිසු සම්බන්ධය පවත්වා ගන්න.
5 හැකි තරම් ඉදිරියෙන් අසුන් ගන්න.

නොකඩවා පංතියට සහභාගිවීම තුලින් පාඩම සම්පූර්ණයෙන්ම ඉගෙනීමට හැකි වෙයි. තවද එවිට ක්‍රමවත් සටහන් ඇති බැවින් පාඩම් කිරීමේදී ද එය ඉමහත් පහසුවකි. සමහර අය අලූත් පාඩමක් ආරම්භ කල පලමු දිනක් දෙකක් නොපැමිණෙන විට ඔහුට එම පාඩම තේරුම් ගැනීමේ අපහසුතාවයක් ඇතිවේ. එය ඔහු එම පාඩම අතහැර දැමීම දක්වා දුරදිග යා හැකිය. මෙසේ පාඩම් අතහැර දැමීම අඥාන කි්‍රයාවකි. තමන්ට වටහාගත නොහැකි පාඩමක් එය කියාදී වැඩි දවසක් යාමට පෙරම ගුරුවරයාගෙන් , යහළුවකුගෙන් හෝ සටහන් බලමින් තමාම ඉගෙනීම කල යුතුය. ඉහත මා දැක්වූ ක්‍රම 3 අග සිට මුලට කි්‍රයාවට යෙදවීම උචිත වෙයි.

නිබන්ධන සම්පූර්ණ කිරීම තුලින් ගත හැකි ප්‍රයෝජනය ඉමහත්ය. එමෙන්ම සෑම නිබන්ධනයක්ම කිරීමට පෙර ඊට අදාල පාඩම් හොඳින් අධ්‍යනය කල යුතුය. එමෙන්ම ඔබ ඉගෙන ගන්නා සෑම පාඩමකට වෙනම ලිපි ගොනු තබාගත යුතුය. එහි ඉදිරියෙන් පාඩමේ නම සටහන් කල යුතුය. ලිපිගොනුව තුල එම පාඩමට අදාල නිබන්ධන, පිලිතුරු පත්‍ර, කෙටි සටහන් ආදී සියලූම දේ ගොනුකර තබාගැනීම ප්‍රයෝජනවත්ය. නිබන්ධන වල පාඩම් න්‍යායික කරුණුද, ප්‍රශ්න ස්වරූපෙයන් අසා තැබීම, පසුගිය ප්‍රශ්න පත්‍ර තිබීම නිසා ඒවා සම්පූර්ණ කිරීමෙන් ඊට අදාල පාඩම ගැන හොඳ වැටහීමක් ලබාගත හැකිය. සම්පූර්ණ කරන ලද නිබන්ධන ගුරුවරයා ලවා පරීක‍ෂා කරවා ගන්නේ නම් ඔබට එහි ඇති වැරදි නිවැරදි කල හැකිය.

එහෙත් වර්තමාන ගුරුවරුන්ගේ කාර්ය බහුලත්වය එවන් උපාසකයෙක් ලබාගැනීම දුෂ්කර විය හැකිය. එවිට තමා දන්නා විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ජය ගත හැකිය. එවිට තමා දන්නා විශ්ව විද්‍යාල සිසිවෙකු හෝ ඒ සම්බන්ධ දැනීමක් ඇති අයෙකු ලවා පරීක‍ෂා කර ගත හැකිය. එහෙත් සමහර පිරිස් මෙසේ නිබන්ධන සම්පූර්ණ කිරීම නොකරනුයේ එයින් ඔවුන්ට අත්වන අවාසිය නොදැන විය යුතුය.

දෙමව්පියන්ද දරුවන්ගේ මෙම නිබන්ධන සම්පූර්ණ කිරීම පළිබඳසොබා බලයි. නම් ඔවුන් නිතැතින්ම ඒවා සම්පූර්ණ කිරීමට යොමු විය හැකිය. දෙමව්පියන්ට ඒ සඳහා පමාණවක් තරම් කාලයක් නොලැබේ නම් එය හිතවතුකුට (දරුවා ගරු කරන) හෝ ගුරුවරයාට පැවරීම කල හැකිය. සෑම නිබන්ධනයක්ම ගුරුවරයාට පෙන්වා අඩුම වශයෙන් සියලූම ප්‍රශ්නවලට උත්තර ලියා ඇද්ද යන්නවත් පරීක‍ෂා කරවා එන ලෙස දරුවාට දැක්වීම තුලින් දරුවා ඊට යොමු කල හැකිය. දරුවා නිබන්ධනය ගුරුවරයාට පෙන්වූයේද නැද්ද යන වග දුරකථනයෙන් හෝ ඔහුගේ අත්සන නිබන්ධනයට යෙදීම මගින් දැනගත හැකිය. අවම වශයෙන් මාස 2 කට වරක්වත් ගුරුවරයා මුණගැසී ඒ වනවිට ඔහු දුන් නිබන්ධන වලින් කොපමණක් සම්පූර්ණ කර ඇද්ද යන්න දැනගත හැකිය.
විෂයානුබද්ධ බාහිර පොත් පරිශීලනය කිරීම මගින්ද හොඳ දැනුමක් උකහා ගත හැකිය. මෙහිදී එම පොත් මිලදී ගැනීමට අවශ්‍ය නොවන අතර ඒවා පුස්තකාල වලින් ලබාගත හැකිය. එම පොත් පරිශීලනය කර ඒවායෙන් උකහා ගත හැකි වැදගත් දේ සටහන් පොතේ ඉඩ ඇති තැන්වල සටහන් කිරීම කල හැකිය. ඒවා ලිවීමේදී සඟ වරහන් තුල ලිවීමෙන් අපගේ සටහනෙන් වෙන්කර හඳුනාගත හැකිය. පොත් අවසානයට ඊට අදාල ගැටළුවද දක්වා ඇති අතර ඒවා සඳහා පිළිතුරු ලිවීමද කල හැකිය. තමා මිලදී ගත් පොත් ඇත්නම් ඒවායේ වැදගත් කරුණු (හයිලයිට්) ඉස්මතු කර පෙන්වීමද කිරීම තුලින් පසුවට නැවත පොත පරිශීලනය කරන විට වැදගත් කරුණු පමණක් පාඩම් කල හැකිය.

ගුරුවරයාගේ සිත තුල ශිෂ්‍යයා කෙරෙහි පවතින්නේ ප්‍රසන්න ආකල්පයක් නම් එමගින් ශිෂ්‍යයා ගුරුවරයාගෙන් ලබාගත හැකි උපකාර අතිමහත්ය. එසේම ගුරුවරයා ශිෂ්‍යාගේ පෞද්ගලිකව වුවත් දන්නා දේ කියාදීමට මැලි නොවෙයි. එහෙයින් ගුරුවරුන් හා එකට එක නොකියා සුහදව කටයුතු කල යුතුය.
පන්තියේ අසුන් ගන්නා තැනද උගන්වන දෙය ධාරණය වීමට බලපායි. බොහෝ පිරිමි ළමුන්ගේ කැමැත්ත වන්නේ පසුපසින් අසුන් ගැනීමටයි. එහෙත් උචිතම ස්ථානය වන්නේ හැකිතරම් ඉදිරියෙන් අසුන් ගැනීමයි. එමගින් ගුරුවරයා කියා දෙන දේ පැහැදිලිව ඇසෙන අතරම, ඔහු කළු ලැල්ලේ ලියන දේද හොඳින් දැකගත හැකිය. එමෙන්ම ගුරුවරයා නිතර නිතර ශිෂ්‍යයා ඉදිරියේ දැකීම තුලින් ඔහු තුල ශිෂ්‍යයා ගැන "ඉගෙනීමට උනන්දු ළමයෙක්"
යන ආකල්පය ඇතිවේ. එමෙන්ම සමහර ගුරුවරු ඉදිරි පේලිවල සිටින ලමුන්ගේ පොත් ඉඳහිට හෝ ගෙන පරීක‍ෂා කරයි. එම නිසා ඔහු නිබන්ධන සම්පූර්ණ කිරීමටද නිතැතින්ම යොමුවේ.

මඟ හොඳට තිබේ නම්
යන්නට දෑසුත් තිබේ නම්
කිම බැදිවල යන්නේ
මං මුලාවූ එකෙක් සේ

- ලෝකෝපකාරය


2 comments:

  1. මමත් බොමිරිය ජාතික පාසලෙන් විද්‍යා (ගණිත ) අංශයෙන් උසස් පෙළ කරා. ශුද්ධ ගණිතයටයි, ව්‍යවහාරික ගණිතයටයි, රසායන විද්‍යාවටයි පංතිගියේ නෑ. භෞතික විද්‍යාවට අන්තිම අවුරුද්දේ විතරක් ගියා. සිල්වා සර් තමයි ගණිතය ඉගැන්නුවේ. බුලත්සිංහල සර් රසායන විද්‍යාව ඉගැන්නුවෙ. පළවෙනි පාරින්ම විශ්වවිද්‍යාලෙ යාන්න තෙරුණා. මම තවමත් අපේ විදුහලට ණයගැතියි.

    ReplyDelete
    Replies
    1. ගණිතයට ටියුශන් නොගොස් උසස් පෙළ ප්‍රථම වාරයේදිම සමත්වි වර්ථමානයේ ගණිතය පිලිබදව මහාචාර්යයවරයෙකු වු ඔබ වර්ථමාන පරපුරට ආදර්ශයක්.

      Delete