Friday 27 May 2011

04. පාසල - ඔබ



ඔබට උසස් පෙළ සඳහා පාසලේ වසර දෙකක් ඉගෙනීමට ලැඛෙයි. එය ඔබේ පාසල් ජීවිතයේ අවසාන කාල පරිච්ඡේදයයි. උසස්පෙළ වැනි කඩඉම් විභාගයකට සුදානම් වන ඔබට පාසලෙන් ගත හැකි ප්‍රයෝජන අසීමිතයි. ප්‍රායෝගික පරීක‍ෂණ වලින් අත් කරගත හැකි ප්‍රයෝජනය ලබාගන්නේ කීයෙන් කී දෙනාද? සාමාන්‍යයෙන් ගුරුවරයා උගන්වන විට මතක හිටින ප්‍රමාණයට වඩා එය ප්‍රායෝගිකව අත් දැකීමෙන් මතක සිටින බව පිළිගත් කරුණකි. අධ්‍යාපන මනෝ විද්‍යාඥයින්ට අනුව ඉගෙනුම ලබන ක්‍රමය අනුව මතක හිටින ප්‍රමානයන් පහත පරිදි වේ.

කියවීමෙන් 10% (read)
ඇසීමෙන් 20% (hear)
බැලීමෙන් 30% (see)
බැලීම හා ඇසීමෙන් 50% (see and hear)
ඉගැන්විමෙන් 70% (say)
කරමින් ඉගැන්වීම 90% (say and do)


ජායාරුපය ගත්තේ මෙතනින්

එහෙයින් අවබෝධයෙන් ප්‍රායෝගික පරීක‍ෂණ තමා විසින්ම සක්‍රියව සිදුකිරීම තුලින් ඉහල ප්‍රතිඵල ලබාගත හැකිය. පෞද්ගලික පන්තියකට සාපේක‍ෂව පාසලේ පංතිය තුල සිටින්නේ අඩු ශිෂ්‍ය සංඛ්‍යාවක් නිසා නොදන්නා කරුණු එවෙලේම වුවද ගුරුවරයාගෙන් ප්‍රශ්න අසා විසඳා ගත හැකිය.
නොදන්නා කරුණු යහළු යෙහෙළියන් සමඟ සාකච්ඡා කිරීම තුලින් ඔබේ මතකය තර වෙයි. මා උසස්පෙළ සඳහා අධ්‍යාපනය ලැබූ පාසලේදී අප මිතුරන් 4 දෙනෙකු සෑම දිනකම විවේක කාලයේ පාසල් පොත්හල අසල කතා බහ කිරීමේදී වැඩි වශයෙන් අවධානය යොමු කරන්නේ විෂය කරුණු කෙරෙහිය. එහිදී එක් අයෙකු කිසියම් මාතෘකාවක් සම්බන්ධව කථාව අරඹන අතර අනෙක් අය තමාට හැකි පමණින් දන්නා කරුණු ඊට එකතු කරයි. එවිට අප නොදන්නා කරුණුද එහිදී දැනගත හැකිය.
පාසලේ පුස්තකාලයද ශිෂ්‍යයන්ට අනුපමේය මෙහෙයක් ඉටුකරන බව අමුතුවෙන් කිව යුතු නොවේ.


රූ සිරි යොවුන් ගුණ
නැණ සියල්ලෙන් නොඅඩු වී මුත්
නොදතොත් සිල්ප සත
සුවඳ නැති කැලෑ මල් සමවේ
- ලෝකෝපකාරය

No comments:

Post a Comment