Showing posts with label 06. දෙමවුපියන් - ඔබ. Show all posts
Showing posts with label 06. දෙමවුපියන් - ඔබ. Show all posts

Friday, 30 March 2012

06. දෙමවුපියන් - ඔබ



ජායාරුපය: මෙතනින්

දෙමාපියන්ගේ එකම අරමුණ වනුයේ ඔබට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. ඔබට දෙමාපියන්ට දිය හැකි හොඳම තෑග්ග හොඳ අධ්‍යාපනයක් ලැබීමයි. දෙමාපියෝ දුක් මහන්සියෙන් උපයන මුදල් ඔවුන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා නොපැකිලීමෙන් යුතුව වියදම් කරති. එහෙත් සමහරක් එම මුදල් නාස්ති කරන්නේ කොතරම් නොසැලකිලිමත් ලෙසද?

මාසයේ මුල පන්ති ගාස්තු ගෙවීමට දෙන මුදල් නොගෙවා එම මුදල් අනවශ්‍ය දේයට යොදවන්නෝ කොතෙක් සිට්ත්ද? ඉගෙනීමේ කටයුතුවලට දෙන මුදල් තම පෙම්වතිය සඳහා හෝ මත්පැන්, සිගරට්, සඳහා යෙදවන්නන් වර්තමානයේ බහුලය.

බොහෝ දෙම්පියෝ ළමුන්ට අවශ්‍ය මුදල්මය ආධාර ලබාදෙන නමුත් ඒවා පරිශීලනය කරන ආකාරය පිළිබඳව සොයා නොබලති. තවද දෙමාපියන් දරුවාගේ ගුරුවරුන් කවුද යන්න පවා සොයා නොබලයි. සමහර දෙම්පියෝ දරුවන් පන්ති/ පාසල් ගොස් පැමිණි පසු ඔවුන් එදින කළ අධ්‍යාපන කටයුතු මොනවාද යන්න සොයා නොබලති. එය දරුවා අධ්‍යාපනයෙන් ඈත්වීමට ප්‍රධාන හේතුවයි. මෙයට හේතුව වන්නේ බොහෝ විට දෙමාපියන්ගේ නොදැනදැවත් බවයි. තමා තම දරුවා තරම් ඉහළට ඉගෙනීම නොලැබූ නිසා දරුවාගේ අධ්‍යාපන කටයුතු සොයා බැලීම දෙමාපියන් මගහරී. දරුවා ඉගෙන ගන්නා විෂයය කරුණු
නොදැන සිටීම මෙසේ මග හැරීමට ප්‍රධාන හේතුවකි.

එහෙත් දෙමාපියන් සෑම දිනකම දරුවාගේ පොත් පෙරලා බැලීම පමණක් හෝ කරන්නේ නම් දරුවා නිතැතින්ම අධ්‍යාපනයට දක්වන අවධානය වැඩිවේ. එයට හේතුව වන්නේ දෙමාපියන් දරුවා ගැන සොයා බලන බව දරුවාට ඒත්තු ගැන්වීම නිාස ඔහු සිය කාර්යයන් වඩා හොඳින් කිරීමට පෙළඹීමයි. දෙමාපියන්ගේ කාර්යය බහුලත්වය වැනි හේතු නිසා දරුවාගේ කටයුතු සොයා බැලීමට නොහැකි වීම තවත් කරුණකි. එවිට දෙමාපියන් වශයෙන් දරුවාගේ කටයුතු සොයා බැලීමට හිතවත් ගුරුවරයෙකුට සමීප ඥාතියෙකුට හෝ පැවරීම කළ හැකිය.

මගේ මිතුරෙකුගේ පි්‍රයතම විෂයය මෙන්ම ඔහු වැඩිපුර දක‍ෂතා දක්වන විෂයය වනුයේ රසායන විද්‍යාවයි. එයට හේතුව ලෙස ඔහු දක්වන්නේ රසායන විද්‍යා ගුරුවරයා පන්තියේදී සිසුන් ලඟට පැමිණ සොයා බැලීම සහ නිබන්ධන සම්පූර්ණ කිරීම පිළිබඳ සොයා බැලීමයි.

තවද දෙමාපියන් අපට වඩා අවුරුදු 20 - 30 ක් පමණ වැඩිමහළ්ය. එහෙයින් ඔවුන් ලබා ඇති අත්දැකීම් ඉමහත්ය. ඔවුන් අවුරුදු 40 - 50 කටත් එහා ජීවත් වී ලබා ගත් අත්දැකීම් අපට සුළු මොහොතකින් ඔවුන්ගෙන් ලබාගත හැකිය. එහෙයින් දෙමාපියන්ගේ බසට අවනත වීම ඔබේ යුතුකමකි.


දෙමව්පියන්ට සැතපුම් දහසක දුරක් දැකිය හැකි නම් ඔබට දැකිය හැක්කේ සැතපුමක දුරක් පමණි.
-දිලාන් ද සිල්වා-