Showing posts with label 09. අධ්‍යාපනය - සංගීතය. Show all posts
Showing posts with label 09. අධ්‍යාපනය - සංගීතය. Show all posts

Friday, 30 March 2012

09. අධ්‍යාපනය - සංගීතය


එක දිගටම මනස වෙහෙසා අධ්‍යාපන කටයුතු කරනවිට තේරුම් ගැනීමේ හැකියාව, මතක තබාගැනීමේ හැකියාව අඩුවෙනවා. එයට හේතුව වන්නේ මනස වෙහෙසීමත් සමග රුධිර පීඩනය, හෘද ස්පන්දනය, ස්වශන වේගය වැඩිවීමත් මාංශපේශී තද වීමත් මොලයේ කම්පන වේගය වැඩිවීමත් සිදු වීමයි. එමෙන්ම හොඳින් යමක් මතක තබාගත හැකි වන්නේ මනස විවේකීය හා තිව්‍රව ඇති විටයි. මෙම අවස්ථාව "Restfully Allert State" ලෙස හඳුන්වනවා.මෙය මනසේ ඇති විශේෂ අවස්ථාවක් වන අර මෙවැනි කායික හා මානසික හැකියාවක් නැවත නැවත ඇති කිරීමට සංගීතයට හැකියාවක් ඇත.

මෙය George Lozanov විසින් ලොවට හඳුන්වා දෙන ලදී. ඔහු විසින් මෙසේ සංගීත ඛණ්ඩ මගින් මිනිස් මනස හා ශරීරය විවේක හා තිව්‍ර ස්වභාවයකට පත්කල හැකි බවත්, එවිට මනස ඕනෑම දෙයක් වේගවත්ව ඉගෙනගත හැකි බවක් ඒවා දීර්ඝකාලයක් මතකයේ පවතින බවද පෙන්වා දෙන ලදී. මෙම විශේෂ සංගීත ඛණ්ඩ බාරොක් (Baroque Music) සංගිතය ලෙස හඳුන්වන අතර මෙම සංගීතයේ රිද්මය විනාඩියට 60 පමණ වෙයි. මෙම සංගීතය මගින් මනසේ මෙන්ම ශරීරයේද වෙනස්කම් කල හැකි නිසා එය අධ්‍යාපනය ලබන ශිෂ්‍යන්ට ඉමහත් ප්‍රයෝජනයකි.



                                                           


" ගන්න ගත යුතුදේ - දෙන්න දිය යුතු දේ "


 -දිලාන් ද සිල්වා-